නිර්මාතෘවරු

ලෝක ළමා දිනය හා ගුරු දින සැමරුම් උළෙල

ලෝක ළමා දිනය හා ගුරු දින සැමරුම් උළෙල

ආදී කර්තෘවර, පූජ්‍ය කන්දපල්ලේ සුමන හිමි හා ප්‍රධානාචාර්ය ඩී. ඒ. රණවක මහතා (1898-1917)

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ප්‍රථම අනුනායක උරුලෑවත්තේ ශ්‍රී ප්‍රියදර්ශී ධම්මසිද්ධි මාහිමිපාණන්ගෙන් පැවත එන ශිෂ්‍යානුශිෂ්‍ය සඟ පරපුර නියෝජනය කරමින් හුම්බුළුව රාජමහා විහාරස්ථානයෙහි වැඩ වාසය කළ ආඳාවල සුමන හිමියෝ, "කන්දපල්ලේ ඇත්තෝ" යන අන්වර්ථයෙන් ගැමි ජන බැව හැරට පත් වී සිටියහ. එබැවින් අද උන් වහන්සේගේ නාමය " කන්දපල්ලේ සුමන " යනුවෙන් පතළ ව ඇත.
1901 වර්ෂය වන තෙක් උන් වහන්සේ විසින් ඉගැන්වීම් කටයුතු කරගෙන පැමිණි අතර 1901 දී හුම්බුළුව විද්‍යාලය පරම විඥානාර්ථ බෞද්ධ සමාගමට පැවරීමත් සමඟ ආඳාවල සුමන හිමි හා එක් ව ප්‍රධානාචාර්ය ධුරය හෙබවූයේ ඩී. ඒ. රණවක මහතාය. එතුමා හම්බන්තොට ප්‍රදේශයේ අයෙකු බව පැවසේ.