ලෝක ළමා දිනය හා ගුරු දින සැමරුම් උළෙල

ලෝක ළමා දිනය හා ගුරු දින සැමරුම් උළෙල

සිසුන් සදහා විනය නීති මාලාව

 

01. අවම වශයෙන් උදේ 7.15 වන විට විදුහලට පැමිණිය යුතුය.

02.පැමිණිය නොහැකි සෑම අවස්ථාවකම හේතු දැක්වීම මෙම පොත මගින් ඉදිරිපත් කළ යුතුය. සාධාරණ හේතුවක් නොමැතිව දින 03කට වඩා නොපැමිණීම විනය නීති කඩ කිරීමකි.

03.පාසලට පැමිණීමේ දී සම්පූර්ණ නිල ඇඳුමෙන් සැරසී පැමිණිය යුතුය.

04.පිටීමි ළමුන් (6-9) කකුල් තද නොවු නිල් කොට කලිසම භාවිතා කළ යුතුය.

05.10-13 සිසුන්ගේ කලිසම සුදු දිගඑකකි. එය සිරුරට තද නොවන, විළුඹ දක්වා වැසුණු සිරුරේ ඉනේ සිට පවතින්නක් විය යුතු

06.කලිසමේ වාටිය අඟල් 15 විය යුතුය.

07.කමිසය සුදු අත් කොට එකක් විය යුතුය.

08.ශිෂ්‍ය නායකයෙකු නම් අත දිගට දමා ටයි පටිය පැළඳිය යුතුය. කමිසය කලිසමට යට කළ යුතුය.

09.ශිෂ්‍යාවන් රැළි සහිත සායකින් යුතු කර පියවු ගවුම ඇඳිය යුතුය. ගවුමේ සාය දණ හිසට වැටෙන සේ විය යුතු අතර , කර පටිය ( ටයි පටිය) භාවිතා කළ යුතුය.

10.විද්‍යාල නිල ලාංඡනය සෑම සිසුවෙකුගේම නිල ඇඳුමේ අල්ලා තිබීම අත්‍යාවශ්‍ය වේ.

11.ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙපක්ෂයම පාවහන් පැළඳිය යුතුය.

12.පිරිමි පාවහන් - ඉදිරිපස උල් සහිත නොවන කළු පැහැති ලේස් වලින් බඳින වර්ගයක් විය යුතුය. මේස් සුදු පැහැ විය යුතුය.

13.ශිෂ්‍යාවන් හිස පිරීමේදී හිස කෙස් හිස මැදින බෙදා පීරා කොටස් දෙකක් වන සේ ගෙතිය යුතුයි. කන් නොවැසිය යුතුය. කොණ්ඩා කරලේ ආරම්භයේ සිටම ගෙතිය යුතු අතර, අවසානයේ කළු පැහැති ෆීබන් පටිවලින් බැඳිය යුතුය.

14.කොණ්ඩය කපා ඇති ගැහැණු ළමුන් බෙල්ලෙන් පහළට වැටී ඇති කෙස් කොටස් දෙකකට බෙදා කළු රිබන් පටි වලින් බැඳිය යුතුය. එසේ නැතහොත් කොටට කැපිය යුතුය.

15.පිරිමි ළමුන්ගේ කොණ්ඩය මැසිමෙන් කොටට කපා (පොලිස් කට් ක්‍රමයට කනේ උඩ මට්ටමේදී කාගුල කැපිය යුතුය. එය හොදට මට්ටම් විය යුතුය.

16.වැඩහිට සිසුන් රැවුල සම්පූර්ණයෙන්ම බෑම කළ යුතුයි. අන්දම් නොතැබිය යුතුය.

17.ගැහැණු පිරිමි දෙපක්ෂයම හිස ඉදිරිපසින් කෙස් අවුල් කිරීම, කෙස් රොදවල් නළලට වැටීමට සැලැස්වීම නොකල යුතුය. (බොකුටු කොණ්ඩ සදහා නොවේ.)

18.පාසලේදී සෑම විටම සීනු විධානයට අවනත විය යුතුය.

19.ඔබේ පන්තියට නියමිත කාර්යයන් වල මෙන්ම නිවාස වැඩවලද යෙදිය යුතුයි. මේ අවස්ථාව පන්ති කාමරවල ගත කිරීම, අල්ලාප සල්ලාප දෙඩවීමට හෝ ක්‍රීඩා කිරීමට යොදා නොගත යුතුය.

20.ශිෂ්‍ය, නිවාස හා පන්ති නායකයන් නායිකාවන් විසින් දෙන අණ පිළිපදිමින් ශුද්ධ පවිත්‍ර කිරීම, වතුර සැපයීම,ආදී නියමිත වැඩ කොටස්වල යෙදිය යුතුය.

20.උදය රැස්වීම සදහා සම්මත ක්‍රමයට සුදානම් විය යුතුයි.

21.පාඩම් මාරුවීමේදී ගුරුතුමා හෝ ගුරුතුමිය පැමිණෙන තුරු අනෙක් පන්ති වලට කරදර නොවනසේ හැසිරිය යුතුය. ඊළඟ පාඩමට සූදානම් විය යුතුය.

22.යම් විෂයකට ගුරු මහතා හෝ මහත්මිය පැමිණෙන පන්තිවලට කරදර නොවන සේ ප්‍රයෝජනවත් වැඩක යෙදීර්ඝ යුතුය.

23.පන්තියෙන් බැහැර යාමේදී ඒ අවස්ථාවේ පන්තියේ සිටින ගුරු මහතාගෙන් හෝ මහත්මියගෙන් අවසර ගත යුතුයි. ගුරුවරයෙකු නොමැති නම් ඊළඟ පන්තියේ ගුරු මහතාගෙන් හෝ මහත්මියගෙන් අවසර ගත යුතුය.

24.එසේ බැහැර වීමෙන් පසු තමා ගිය කාර්යය අවසන් කර වහාම පැමිණිය යුතුය.

25.කොරිඩෝව අවහිර නොවන සේ සිටිය යුතුය. පාසල් ගොඩනැඟිලි පවත්නා ප්‍රදේශයේ දිවීම ක්‍රීඩා කිරීම නොකළ යුතුය.

26.පන්තියේ සිට වෙනත් ස්ථානයකට පාඩමකට යාමේදී ආපසු ඒමේදී පේළියට නිහඬව ගමන් කළ යුතුය.

27.නියමිත වේලාවට පෙර බැහැරව යාමේදී විදුහල්පතිතුමාගෙන් අවසර ලබා බැහැරව යාමේ පොතේ අත්සන තබා පිට විය යුතුය. කණිෂ්ඨ අංශයට ඇතුළු වීමේදී විදුහල්පතිතුමාගේ හෝ පන්ති භාර ගුරු භවතාගේ හෝ අවසරය ලබා ගත යුතුය.

28.විදුහලට පැමිණීමේදී හෝ ආපසු යාමේදී පාරේ දකුණු පසින් ගමන් කළ යුතුය. එක පෙළකට දෙදෙනෙකුට වඩා නොවිය යුතුය.

29.පාසල් කාලය තුළ පාපැදිවලින් එන අවස්ථාවල පාපැදියෙන් බැස පාසලට ඇතුළු විය යුතුය. යතුරු පැදි භාවිතය තහනම් වේ.

30.වැඩිහිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් අන් අයට ආදර්ශමත් විය යුතුයි. විනීතව හැසිරීමට වග බලා ගත යුතුයි. අසභ්‍ය වචන, අවිනීත ‚අනවශ්‍ය විහිළු ආදියෙන් වැළකිය යුතුය. සහෝදර සම්බන්ධතා නොවන සම්බන්ධතා ගොඩනඟා ගැනීමෙන් වැළකිය යුතුයි.

31.විදුහලේ ආචාර්ය මණ්ඩලය මෙන්ම අනෙකුත් විදුහල්වල ගුරුවරුත් ඉදිරියේදීත් විනීතව හැසිරිය යුතුයි.එය විදුහලට ගෞරවයකි.

32.විදුහල් වේලාවෙන් පසුව ආචාර්ය මණ්ඩලයේ අවසරයක් නොමැතිව කිසිම ශිෂ්‍ය ශිෂ්‍යාවකට පාසල් භූමියට පැමිණිය නොහැක.

33.පාසලේ පොදු දේපොල ආරක්ෂා කළ යුතුය.

34. පෞද්ගලික ජීවිතයේදී පවා විනීත විය යුතුය. ආචාරශීලි විය යුතුය

35. විදුහල තුළදී මෙන්ම විදුහලෙන් පිටතදී ගුරු ගෞරවය කෙලෙසෙන අන්දමින් හැසිරීම බරපතල වරදකි. එවැනි ක්‍රියාවල යෙදෙන සිසුන් පිළිබදව තොරතුරු හෙළි කිරීමත්, ඒවා වැළැක් වීමට ක්‍රියා කිරීමත් ශිෂ්‍ය නායක නායිකාවන් මෙන්ම සියළු සිසුන්ගේම වගකීම බව තරයේ සිහි තබා ගත යුතුය.