ලෝක ළමා දිනය හා ගුරු දින සැමරුම් උළෙල

ලෝක ළමා දිනය හා ගුරු දින සැමරුම් උළෙල

1898-1917

ආදී කර්තෘවර,පූජ්‍ය කන්දපල්ලේ සුමන හිමි හා ප්‍රධානාචාර්ය හා ඩී. ඒ. රණවක මහතා (1898-1917)

1901 වර්ෂය වන තෙක් උන්වහන්සේ විසින් ඉගැන්වීම් කටයුතු කරගෙන පැමිණි අතර 1901 දී හුම්බුළුව විද්‍යාලය පරමවිඥානාර්ථ බෞද්ධ සමාගමට පැවරීමත් සමග ආදාවල සුමන හිමි හා එක්ව ප්‍රධාන ආචාර්ය ධූරය හැබැයි වූයේ හෙබවූයේ ඩී ඒ රණවක මහතා ය. එතුමා හම්බන්තොට ප්‍රදේශයේ අයෙකු බව පැවසේ.

1917-1925

කේ. ජී. ඩී. ද සිල්වා මහතා

මෙතුමා මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර එකල රාත්‍රියේ පවා පාසල පවත්වා ඇත. මේ සමයේ පටන් පාසලේ අභිවෘද්ධි මාර්ගයක් දැකිය හැකිවීම සුවිශේෂී.

1925-1929

එම්. ඊ. අල්විස් මහතා

මෙතුමා පාන්දුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ කාලයේ සංඛ්‍යාව 7 පමණ වේ.

1929-1958

එස්. ඒ. සේනාදිරි මහතා

අලව්ව ප්‍රදේශයේ කැප්පිටිවලාන ග්‍රාමයෙහි පදිංචිකරුවෙකු වූ මෙතුමා හුම්බුළුව විද්‍යාලයට පත්ව ආ පළමු වන පුහුණු ගුරු ගුරුවරයා වන අතර ප්‍රකට සාහිත්‍ය වරයෙකු වන කුමාරතුංග මුනිදාසයන්ගේ ගෝලයෙකි. 1921 මාර්තු මස පළමුවන දින හුම්බුළුව විද්‍යාලයේ උප ගුරුවරයෙකු ලෙස සිය පළමු පත්වීම් වැඩ භාර ගත් මෙතුමා 1929 දි අල්විස් මහතාගේ විශ්‍රාම යාමෙන් පසු පෙබරවාරි මස පළමුවනදා සිට ප්‍රධානාචාර්ය ධූරයට පත් 29 මාස 7 ප්‍රධානාචාර්ය ධූරය හොබවා 1958 සැප්තැම්බර් මස 15 වන දින විශ්‍රාම යනතෙක් මෙම පාසලේ අඛණ්ඩව සේවය කළ ගුරුවරයෙක් වශයෙන් සුවිශේෂී වේ.

1958-1959

ජී. ඒ. එම්. ඩිංගිරි බණ්ඩා මහතා 1958-1959

ගුණරත්න අධිකාරි මුදියන්සේලාගේ ඩිංගිරි බණ්ඩා මහතා හුම්බුළුව විද්‍යාලයේ උපගුරු ගුරුවරයකු වශයෙන් සේවය කරමින් සිටි අතර සේනාධීර මහතා විශ්‍රාම යාමෙන් පසු 1958.09.15 සිට 1959.02.01 දක්වා මාස 5ක් පමණ කාලයක් ප්‍රධාන ආචාර්ය ධූරයෙහි කටයුතු කළේය.

1959-1967

පී. කේ. චාර්ලිස් සිංඤො මහතා

මෙතුමා අලව්ව කැප්පිටිවලාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ අතර හුම්බුළුව විද්‍යාලය රජයට පවරා ගන්නේ මේ සමයේ දී ය.1960 මුල් ගුරුවරුන් 3 තුන්දෙනෙකුගේ පත්වීම් හා අස්වීම් නිසා මේ කාලයේ ගුරු දෙගුරුන් මෙන් සිසුන් අතර ද පක්ෂ භේද ඇති වී ඇති අතර චාර්ලිස් සිංඤො මුල් ගුරුතුමා අලුතින් පැමිණි ගුරුවරුන් කිහිපදෙනෙකුගෙන් නිසා පාසලේ නොසන්සුන්තා තත්ත්වයක් මගහරවා ගැනීමට හැකිවී තිබේ.

1967-1969

පී. කේ. පතිරණ මහතා

1925 වර්ෂයේ අලව්ව මෝරුගම ග්‍රාමයේ උපත ලද පතිරන්නැහැලාගේ කපුරුහාමි පොල්/ශාන්ත බර්නදෙත් විද්‍යාලයෙන් ද පාසල් අධ්‍යාපනය ලැබූ අතර පිරිවෙන් අධ්‍යාපනය ද ලබා ඇති අයෙකි. සිය පළමු පත්වීම මාතලේ අලුවිහාරය ප්‍රදේශයේ රත්තොට විද්‍යාලයට ලබන මෙතුමා 1967 සිට 1969 දක්වා දෙවසකර පමණ කාලයක් හුම්බුළුව විද්‍යාලයේ ප්‍රධානාචාර්ය ධුරය දැරුවේ ය. මෙතුමාගේ පාලන සමයේ දී හුම්බුළුව විද්‍යාලය මහා විද්‍යාලයක් බවට පත් වූ අතර අනුව විද්‍යාලයට උපාධිධාරී විදුහල්පතිවරයෙකු අවශ්‍ය වූයෙන් මෙතුමාට අලව්ව කනිෂ්ඨ විද්‍යාලයට (වර්තමානයේ ගිරි රතනාලංකාර ම.වි.) ස්ථාන මාරුවක් ලබන්නට සිදු විය.

1969-1972

* ශාස්ත්‍රපති එඩ්වඩ් විතරම මහතා

සිරිවර්ධනපුර මිරිහෙලිය නම් ගම්මානයේ ඉඩම් හිමි ගොවි පවුලක 1952.07.20 වැනි දා උපත ලද ගුණපාල සිරිවර්ධන මහතා එවක හුම්බුළුව බෞද්ධ මිශ්‍ර පාඨශාලාව නමින් හැඳින්වුණු මෙම පාසලේ ප්‍රධානාචාර්ය තැන් පත් ඇස්. ඒ. සේනාදිරි මහතා විසින් අත් පොත් තබනු ලැබ ඇති අතර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්වා මෙහි අධ්‍යාපනය ලබා ඇත. පසුව අලව්ව මහා විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වූ අතර කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනවේදී උපාධියත්, සමාජ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාව ද ලබා ගත්තේ ය. 1978 වර්ෂයේ දී අම්පාර මධ්‍ය මහා විද්‍යාලයේ සමාජ විද්‍යා උපාධිධාරී ගුරුවරයෙකු ලෙස ප්‍රථම පත් වීම ලබන මෙතුමා එහි නේවාසිකාගාර පාලක ලෙසත්, සංවර්ධන සංගමයේ ලේකම් ලෙසත් කටයුතු කළ අතර පසුව නිකවැරටිය කෝන්වැව විද්‍යාලයට, තුඹුල්ලේගම විද්‍යාලයට හා ගිරිඋල්ල කලාපයේ වෑවල මහා විද්‍යාලයටත් ස්ථාන මාරුවීම් ලැබුවේ ය. 1985 වර්ෂයේ දී අලව්ව මධ්‍ය මහා විද්‍යාලයට ස්ථාන මාරුවක් ලද හෙතෙම එහි වසර පහක සේවා කාලයක් ගත වීමෙන් හුම්බුළුව මහා විද්‍යාලයේ විදුහල්පති ව සිටි කේ.ජි. ඩී. එස්. කිරි ඇල්ල මහතාගේ විශ්‍රාම යාමේ පුරප්පාඩුව සඳහා නවක විදුහල්පතිවරයෙකු වශයෙනි, 1990 මැයි මස 31 වන දින දී මෙම විද්‍යාලයේ වැඩ භාර ගන්නේ. ඒ අනුව පුරා දෙවිසි වසරක කීර්තිමත් සේවා කාලයක් ගත කළ ගුණපාල සිරිවර්ධන මහතා කිසිදු ස්ථාන මාරුවක් නොලැබ මෙම විද්‍යාලයෙන්ම 2012 ජනවාරි මස දී විශ්‍රාම ගත්තේය.

2012-2014

ශාස්ත්‍රපති, පූජ්‍ය වැහැර සුධම්ම හිමි

කුරුණැගල කොළඹ පාරේ වැහැර ග්‍රාමයේ උපත ලැබ මලියදේව (පිරිමි) ජාතික පාසලෙන් අපොස සා/පෙළ දක්වා අධ්‍යාපනය ලබා 1983 දී "වැහැර සුධම්ම" නමින් පැවිදි දිවියට පත් වන මුන් වහන්සේ නිකදළුපොත ධර්මචන්ද්‍ර පිරිවෙනෙන් ද, පැපිලියානේ සුනේත්‍රා දේවී මහ පිරිවෙනෙන්ද ඉදිරි අධ්‍යාපන කටයුතු පූරණය කළහ. අපොස උසස් පෙළ විභාගය සමත් ව නිට්ටඹුව සාරිපුත්ත අධ්‍යාපන විද්‍යා පීඨයෙන් (1988/90) උසස් අධ්‍යාපනය ලබා ගුරු සේවයට පත් වන සුධම්ම හිමියෝ අනතුරුව කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය ද, කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි බෞද්ධ අධ්‍යාපන ඩිප්ලෝමාව ද, එම විශ්ව විද්‍යාලයේ ම ශාස්ත්‍රපති උපාධිය ද, කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ද ලැබූවෙකි. ගුරුවරයෙකු වශයෙන් සිය ප්‍රථම පත්වීම පොල්පිතිගම මකුල් පොත මහා විද්‍යාලයට ලබන උන් වහන්සේ ගිරි/ ගල්ගමුව මහා විද්‍යාලය, ගිරි/වෑවල මහා විද්‍යාලය ආදී විද්‍යාලවල සේවය කර ඇති අතර පසු ව වෑවල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ධුරයට පත් වූහ. 2012 ජනවාරි මස හුම්බුළුව මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ධුරයට පත් වන්නට පෙර නාරම්මල මයුරපාද ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති වශයෙන් කටයුතු කළ සුධම්ම හිමියෝ පුරා දෙවසරක් පමණ මෙම පාසලෙහි විදුහල්පති වශයෙන් කටයුතු සිටින බහුශ්‍රැත හිමි නමක වන මුන් වහන්සේ හුම්බුළුව විද්‍යාලයේ කළහ.

2014-2016

ශාස්ත්‍රපති ඊ. එන්. පී. එදිරිසිංහ මහතා

1960.11.01 වැනි දා මහ නුවර ප්‍රදේශයේ උපත ලද ඊ. එන්. පී. එදිරිසිංහ මහතා දොඩංගමුව ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වී ඇති අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිධාරියෙකි. අනතුරුව කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ද, කැළණිය විශ්ව විද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව හා ශාස්ත්‍රපති උපාධිය ද ලබා ගන්නා මෙතුමා ගුරුවරයෙකු වශයෙන් සිය ප්‍රථම පත්විම ලැබූවේ රාජාංගනයේ පැරකුම්පුර මධ්‍ය මහා විද්‍යාලයට ය. 1991 දී ප්‍රථම වරට විදුහල්පතිවරයෙකු වශයෙන් පු/ වෙලේ වැව සුමේධ විද්‍යාලයේ සේවය කරන මෙතුමා හුම්බුළුව මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ධුරයට පත් වන්නේ 2014 පෙබරවාරි මස දී ය. 2016.01.04 වැනි දා මෙම විද්‍යාලයෙන්න්ම විශ්‍රාම ලබන ඊ. එන්. පී. එදිරිසිංහ මහතා දඹදෙණිය සිරිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

2016-2017

අධ්‍යාපනපති ඊ. ලලිත් ගාමිණී විජේසිංහ මහතා

සිය උපන් වන අලව්ව පඹදෙණිය ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකු වන මෙතුමා 1960.10.21 වැනි දා උපත ලබා ඇති අතර ගිරි මැදගම්පොළ මහා විද්‍යාලයෙන් හා කෑ තෝලංගමුව ජාතික පාසලෙන් සිය පාසල් අධ්‍යාපනය ලද කොළඹ විශ්වවිද්‍යාලයේ වාණිජවේදී උපාධිධාරියෙකි. ගුරුවරයෙකු වශයෙන් නික කඩිගාව මහා විද්‍යාලයට සිය ප්‍රථම පත්වීම ලබන මෙතුමා විදුහල්පති නිලයට වන්නේ. රංගල්ලෙපොළ කතිෂ්ඨ විද්‍යාලයෙනි. ඒ 2009 වර්ශයේ දීය. අනතුරුව ගිරි කිරුව පොළ ප්‍රාථමික විද්‍යාලය හා ගිරි වෑවිල මහා විද්‍යාලයෙහි විදුහල්පති ධුරයට පත් වන ලලිත් ගාමිණී මහතා 2016,03,02 දා සිට 2017,01,31 දක්වා - හුම්බුළුව මහා විද්‍යාලයේ විදුහල්පති වශයෙන් කටයුතු කළේ ය. මෙතුමා කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා අධ්‍යාපනපති උපාධිධාරියෙකු වන අතර එවක ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ අධ්‍යාපනපති උපාධිධාරී එක ම විදුහල්පතිවරයා විය.

2017-2021

ශාස්ත්‍රපති කේ. නිමල් පියසිරි කහගල්ල මහතා

ශාස්ත්‍රපති කේ. නිමල් පියසිරි කහගල්ල මහතා (2017 - අද දක්වා) 1961.11.07 වන දා උපත ලද කේ. නිමල් පියසිරි කහගල්ල මහතා සිය ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ කු/හඳුගල මහා විද්‍යාලයෙනි. අනතුරු ව පොල්ගහවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ විභාගය ද, උහුමීය ඩී. එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ විභාගය ද සමත් ව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හා පශ්චාද් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව පූරණය කර ඇති