නිල ඇඳුම පිරිමි
කලිසම
![]()
. 1/2" ඉන
. ඇලවූ සාක්කු
. ගෝල්පි එක ප්‍රමාණවත් දිගින් යුතුව සිරුරට ලිහිල්ව තිබිය යුතුය.
. ප්‍රමාණයට අනුකූලව පහළට කුඩා වන කකුල
. 15” පහළ වාටිය
. කලිසමේ උස විලුඹේ සිට විය යුතුයි./ ඉණ ශරීරයේ ඉණ පිහිටා ඇති ස්ථානයේම පිහිටිය යුතුයි
කමිසය

. කමිසයේ ඉහළ බොත්තම නිකට පපු ප්‍රදේශයේ ස්පර්ශ වන ස්ථානයේ සිට 1” පහළින් විය යුතුය.
. බඳේ පළල සිරුරේ සිට එක් පසකට 2" බැගින් ශරීරයේ ප්‍රමාණයට වඩා 4” ක් විශාල විය යුතුය.
අතේ උස වැලමිටේ සිට 1 1/2”කින් ආරම්භ විය යුතුය.
• උරහිස් බාහුවේ අවසානය තෙක්ම පැමිණිය යුතුය. (යෝක් එක උරහිස් සන්ධි දක්වා පැතිරී තිබිය යුතුය.
කොට කලිසම

. කලිසමේ ඉණ ශරීරයේ ඉණ පිහිටා ඇති ස්ථානයෙන් පහළට
නොයන සේ පැවතිය යුතුය.
. ඉණෙහි පටියේ පළල 1 1/2 කි.
. කකුල දණ හිසේ සිට 2" ඉහළින් සිටින සේ පැවතිය යුතුයි.
පාවහන් (පිරිමි)
. කළු පැහැතිය.
. මේස් සුදු පැහැ විය යුතුය.
. ඉදිරිපස කෙළවර උල් සහිත නොවිය යුතුයි. ලේස් සහිත වර්ගයක් විය යුතුයි.
ගවුම![]()
. කොළරය කර පටිය බැඳීමෙන් පසු හැකිලී නොයන ආකාරයට ඛෙල්ලේ ප්‍රමාණයට හරියටම සමාන විය යුතුය.
. ගවුමේ ඉණ සිරුරේ ඉණ පිහිටි ස්ථානයේම පැවතිය යුතුයි.
. ගවුමේ උස දණ ගැසූ විට පහළ වාටිය බිම ගෑවෙන සේ තිබිය යුතුයි. * කරපටිය පැළඳිය යුත්තේ ගවුමේ පටියේ පහළ මට්ටම දක්වා පමණක් දිගුවන අයුරිනි.
. ගවුමේ ඉණ සිරුරේ ඉණට වඩා 1" - 2" වඩා විශාල නොවිය යුතුය. * පටිය බැඳිය යුත්තේ කිසිදු කෙළවරක් පහළට එල්ලා නොවැටෙන අයුරිනි.
. ගවුමේ අතෙහි උස වැලමිටට ඉහළින් 27 ක් තරම් දුරට පැවතිය යුතුයි.
. කොළරය ඉතා විශාල ප්‍රමාණයේ එකක් නොවිය යුතුයි. (කමිස කොළරය උචිතයි.)
සියළු නිල ඇඳුම් එදිනෙදා නඩත්තුව
. ඉතාමත් පිරිසිඳු ඒවා විය යුතුය.
. සෝදා ප්‍රමාණවත් තරමින් නිල් යෙදිය යුතුය.
. දිනපතා මැනවින් ස්ත්‍රික් කිරීම කළ යුතුය.
. සෑම නිල ඇඳුමකටම පාසලේ නිල ලාංඡනය මසා තිබිය යුතුය.
• පාසලෙන් නියම කරන ලද අවස්ථාවලදී හැර වෙනත් කිසිදු අවශ්‍යතාවයකට නිල ඇඳුම භාවිතා නොකළ යුතුය.
. කිසිදු අවස්ථාවක තමාගේ නිල ඇඳුමේ ප්‍රමිතිය වෙනස් නොකළ යුතුය.
ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ බාහිර ස්වරූපයේ පවත්වාගත යුතු ප්‍රමිතීන් - ශිෂ්‍යාවන්
• දිගු කෙස් පවතීනම් කණ නොවැසෙන සේ හිසට තදවන අයුරින් ගොතා (කැරළි 03කින් කරල් 02 ක් වනසේ) කෙළවර කළු පැහැති රිබන් පටියකින් ගැට ගසා තිබිය යුතුය. කොණ්ඩය සදහා කොණ්ඩ කටු භාවිතා කරන්නේ නම් එක් පසකට 02 බැගින් 04 නොඉක්මවිය යුතුය. ඒවා කළු පැහැති කුඩාම ප්‍රමාණයේ සාමාන්‍ය වර්ගයේ ඒවා විය යුතුය .
• කපන ලද කෙටි කෙස් ඇත්තේ නම් දෙකණ හා මුහුණු කෙස්වලින් ආවරණය නොවන සේ ද, හිසෙන් ප්‍රමාණය ඉක්මවා ඉල්පී නොයන ආකාරයෙන්ද හිසකේ සකසා ගත යුතුය. අවශ්‍ය වන්නේ
නම් අලංකරණයෙන් තොර ප්ලාස්ටික් පටියක් යොදා හිසකේ විසිරී යාම වළකා ගැනීමට අවසර ඇත.
. කෙස් උරහිසට වඩා දිගුවන්නේ නම් අනිවාර්යයෙන්ම ගොතා සිටිය යුතුය.
• හිසකේ වර්ණ ගැන්වීමෙන් සපුරා වැළකිය යුතුය.
• ඇසෙහි බැම ස්වභාවික අයුරින් පැවතිය යුතුය.
. නිය උපරිම වශයෙන් කෙටි විය යුතු අතර දිගුවන සෑම ව්ටකම කපන යථා පරිදි සකසා ගත යුතුය. නිය වර්ණ ගැන්වීම නොකළ යුතුය
• කරාඹු සාමාන්‍ය තත්ත්වයේ ඒවා විය යුතුය.
. දෙතොල වර්ණ ගැන්වීම නොකළ යුතුය.
• මාල,මුදු ආදිය පැළදීමෙන් වැළකිය යුතුය
. අපල සදහා මුදු පැළදීම සදහා දෙමාපියන් විසින් ලිඛිතව අවසර ලබා ගත යුතුය.
• අත් ඔරලෝසු නොපැළඳිය යුතුය.
ශිෂ්‍යයන්
. කොණ්ඩය කොටට කපා දෙපැත්තට පීරා තිබිය යුතුය.
. හිස හෝ පීරන විට තබන රොද බාහිරට මතු වන ලෙසින් හිසකේ කැපීමෙන් සපුරා වැළකිය යුතුය.
. කොණ්ඩය වර්ණ ගැන්වීම නොකළ යුතුය.
. මුදු,මාල, විලාසිතාවන් අනුව සැකසූ නූල් පටි පැළදීම නොකළ යුතුය.
. අත් ඔරලෝසු නොපැළදිය යුතුය.







