පාසලේ ඉතිහාසය

ලෝක ළමා දිනය හා ගුරු දින සැමරුම් උළෙල

ලෝක ළමා දිනය හා ගුරු දින සැමරුම් උළෙල

එකසිය විසි හයක වර්ෂයක මංසලකුණු

 

  • 1898 : පූජ්‍ය කන්දපල්ලේ සුමන හිමියන් හුම්බුළුව විද්‍යාලයේ ආරම්භයට මුල පිරීම
  • 1901 : 1916 - ඩී. ඒ. රණවක මහතා ප්‍රධානාචාර්ය ධුරය දැරීම
  • 1901 : පරම විඥානාර්ථ බෞද්ධ සංගමයට භාර දීම (BTS - Buddhist Theosophical Society)
  • 1906 : බෞද්ධ මිශ්‍ර (සිංහල) පාඨශාලාවක් වශයෙන් ශ්‍රී ලංකා රජයේ ලියාපදිංචි කිරීම
  • 1917 – 1925 : කේ. ජී. ඩී. ද සිල්වා මහතා ප්‍රධානාචාර්ය ධුරය දැරීම
  • පළමු වන ස්ථිර ගොඩනැඟිල්ල (60×20) මහජන ආධාරවලින් සෑදීම (වර්තමාන හුම්බුළුව සමිති ශාලා බිමෙහි)
  • 1925 - 1929 : ඇම්. ඊ. අල්විස් මහතා ප්‍රධානාචාර්ය ධුරය දැරීම
  • 1929 - 1958 : ඇස්. ඒ. සේනාදිරි මහතා ප්‍රධානාචාර්ය ධුරය දැරීම
  • වර්තමාන පාසල් බිම පරිත්‍යාග ලැබීම : අලව්ව ප්‍රදේශයේ පවත්නා උසස් ම පාඨශාලාව ලෙස නම් වීම රෙදි විවීමේ අංශයක් ආරම්භ කිරීම 
  • 1930 : අනුමත වූ ජ්‍යෙෂ්ඨ පන්තියක් ඇති පාසලක් ලෙස නම් වීම
  • 1934 : රට පුරා පැතිර ගිය මැලේරියා වසංගතයක් හේතුවෙන් දින ගණනක් පාසල වසා තැබීමට සිදු වීම
  • 1935 : සිසුන්ට දිවා ආහාරය ලබා දීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වීම 1955 උඩරට නැටුම් අංශයක් ආරම්භ වීම
    1956 : නැවතී තිබුණු දිවා ආහාරය ලබා දීමේ වැඩ පිළිවෙළ යළි ඇරඹීම 1957 වර්තමාන පාසල් බිමෙහි පළමු ස්ථීර ගොඩනැඟිල්ල මහජන ආධාර වලින් සෑදීම (එළිමහන් වේදිකාවට පසු පස ශාලාව)
    1958 ගෘහ විද්‍යා අංශය ආරම්භ කිරීම
    1958 - 1959 : ජී. ඒ. ඇම්. ඩිංගිරි බණ්ඩා මහතා ප්‍රධානාචාර්ය ධුරයේ වැඩ බැලීම 1959 - 1967 : පී. කේ. චාර්ලිස් සිඤ්ඤො මහතා ප්‍රධානාචාර්ය ධුරය දැරීම සියලු පන්ති වර්තමාන පාසල් බිමට ගෙන
    1962 වේදිකාව සහිත ප්‍රධාන ශාලාව ඉදි කිරීම
    1962 පාසල රජයට පවරා ගැනීම
  • 1967 -1969 කේ. පතිරණ මහතා ප්‍රධානාචාර්ය ධුරය දැරිම
    වර්තමාන බුදු මැඳුර (ශාලාව) පවතින තැන්හි පෙර පැවති කුඩා බුදු මැඳුර ඉදි කිරීම පළමු වතාවට රජයෙන් ස්ථිර ගොඩනැඟිල්ලක් (100×20) ලබා දීම (ඉහළ බිම් කොටසේ දිග ම පන්ති ගොඩනැඟිල්ල)
  • 1962 මහා විද්‍යාලයක් බවට පත් වීම
  • 1969 - 1972 : ශාස්ත්‍රපති එඩ්වින් විතාරම මහතා ප්‍රථම විදුහල්පති ධුරය දැරීම බුදු මැඳුරට සමාන්තර ව ඇති වීදුරු ජනෙල් සහිත ගොඩනැඟිල්ලේ ඉදි කිරීම් කටයුතු ආරම්භ කිරීම
  • 1972 - 1990 : කේ. ජී. ඩී. එස්. කිරිඇල්ල මහතා විදුහල්පති ධුරය දැරීම
  • උසස් පෙළ සඳහා සෞන්දර්ය විෂය ධාරාව ලබා ගැනීම විදුලිය ලබා ගැනීම ක්‍රීඩා පිටිය සඳහා ඉඩම පරිත්‍යාග ලැබීම විද්‍යාලයට ජලය සැපයීමේ ජල නළ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම : අඩි 80×25 ජනෙල් සහිත ගොඩනැඟිල්ල පාසල් සංවර්ධන සමිතිය කොන්ත්‍රාත් ගෙන ඉදි කිරීම අඩි 20×20 පැරණි කාර්යාල කාමරය ඉදි කිරීම
    : ඉහළ කොටසේ ගොඩනැඟිලි භූමියට පිවිසීමේ මාර්ගය ඉදි කිරීම
    1974 ඉහළ බිම් කොටසේ ප්‍රධාන මාර්ගයට සමාන්තර ගොඩනැඟිල්ල (120×20) ගුරු මඟින් ඉදි කිරීම
  • 1974වේදිකාවක් සහිත එළිමහන් සංදර්ශන පිටියක් සකස් කිරීම (වර්තමාන එළිමහන් වේදිකාව පවතින ස්ථානය) :
  • 1986 අඩි 120×20 ගොඩනැඟිල්ලක් රජයෙන් ලබා ගැනීම (පහළ බිම් කොටසේ ප්‍රධාන මාර්ගයට සමාන්තර ගොඩනැඟිල්ල)
  • 1990 - 2012 : එස්. එම්. ගුණපාල සිරිවර්ධන මහතා විදුහල්පති ධුරය දැරීම
  • 1993 -ආදර්ශ මහා විද්‍යාලයක් වීම
  • 1998 වේදිකාව සහිත ප්‍රධාන ශාලාවට වම් පස ශාලාව විවෘත කිරීම
  • 1999හිටපු විදුහල්පති කේ. ජී. ඩී. එස්. කිරිඇල්ල මහතාගේ මෙහෙයවීමෙන් ඉහළ බිම් කොටසේ ගොඩනැඟිල්ල ඉදි කිරීම
  • 2001 සියවස් සමරු උළෙල පැවැත්වීම

    2002 :සියවස් සමරු පුස්තකාලය විවෘත කිරීම

  • :ක්‍රියාකාරී ඒකකය විවෘත කිරීම : සා/පෙළ විද්‍යාගාරය විවෘත කිරීම :කුමාර් දේවපුර ක්‍රීඩාගාරය විවෘත කිරිම
2004 :ශබ්ද විකාශන පද්ධතිය සකස් කිරීම : Light House ආදර්ශ පාසලක් බවට පත් වීම :ද්විතීයික අධ්‍යාපන නවිකරණ ව්‍යාපෘතිය යටතේ
ශ්‍රව්‍ය-දෘෂ්‍ය කාමරයක් සකස් කිරීම
  • 2006 :කුවෙට් රාජ්‍යයේ සේවය කළ ලාංකික සිංහල
    බෞද්ධ පිරිසක් විසින් ත්‍රිපිටකයේ කාණ්ඩ 57ක්
    ප්‍රදානය කිරීම
  • 2009 :මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් වීම
    :පොල්ගහවෙල සිංහ සමාජයේ මූලිකත්වයෙන්
    දන්ත ශල්‍ය ඒකකයක් ස්ථාපිත කිරීම
  • 2011 :ද්විතීයික පාසලක් බවට පත් වීම :කාර්යාලය ඉදිරිපස නව බුදු මැඳුර ඉදි කිරීම 2012 - 2014 : පූජ්‍ය වැහැර සුධම්ම හිමි විදුහල්පති ධුරය දැරීම :එළිමහන් වේදිකාව ඉදි කිරීම :නව විදුහල්පති කාර්යාලයක් ඉදි කිරීම :පෙළ පොත් ගබඩාව ඉදි කිරීම :ක්‍රමානුකූල වැසිකිලි පද්ධතියක් ඉදි කිරීම :කෘෂිකර්ම අංශයේ ව්‍යාපෘතියක් වශයෙන් පාසල් බිමෙහි රුක් රෝපණය කිරීම :මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ලැබීම
  • 2014 - 2016 : ඊ. එන්. පී. එදිරිසිංහ මහතා විදුහල්පති ධුරය දැරීම
    : මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීම